සජිත්ලා දිනුවේ මුස්ලිම් ඡන්දවලින්! අපට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් නොදීම වැරදියි! දැන් සමගි බලේ සමගිය ඉවරයි! – හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසය යුද්ධ ප්‍රකාශ කරයි…..

August 15, 2020 at 2:49 pm | by emanisa.lk

සමගි ජන බලවේගයට හිමි වූ ජාතික මන්ත්‍රී ආසනවලින් කිසිවක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ලබා නොදීම දැඩිව හෙළා දකින බවත් එම පක්ෂයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට මැතිවරණයට පෙරම පොරොන්දු වී තිබූ බවයි.

එනිසා තම පක්ෂය ජයග්‍රහණය කිරීමට හැකියාව තිබූ ආසනවලට පවා අපේක්ෂකයන් ඉදිරිපත් නොකර කැපකිරීමක් කරමින් සමගි ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණයට විශාල දායකත්වයක් ලබා දුන් බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් තම පක්ෂයට ලබා නොදීම තම ජනතාව රැවටීමට පත් කිරීමක් බව සජිත් ප්‍රේමදාස තරයේ සිහි තබා ගත යුතු බවත් නිවේදනයේ සඳහන් වෙයි.

මුස්ලිම් කොංග්‍රසය දුන් පොරොන්දුව සජිත් ප්‍රේමදාස විසින් කඩ කිරීම තම පක්ෂ ඉතිහාසයේ කලූ පැල්ලමක් ලෙස සටහන් වන බව ද එම නිවේදනයේ පවසා ඇත.

මෙවන් ක්‍රියාවක් සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන බව දැන සිටියේ නම් මැතිවරණයේදී තනිව තරග කිරීමට ඉඩ තිබූ බවත් එසේ තරග කළා නම් මීට වඩා ආසන්න ප්‍රමාණයක් දිනාගත හැකිව තිබූ බවත් ඔහු තවදුරටත් කියා සිටියි.

සජිත් ප්‍රේමදාස විසින් ගන්නා ලද මෙම තීරණය කිරීම සමගි ජන බලවේගය පක්ෂ අතර ඉදිරියේදී යම් විරසකයක් ඇති වීම නොවැළැක්විය හැකි බවද තව දුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස