මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ! මාස හයෙන් අපේ ආණ්ඩුවක් හදනවා! – රාජිත සපථ කරයි..

September 19, 2020 at 5:39 pm | by emanisa.lk

මාස හයකට වත්මන් ආණ්ඩුව පෙරළා දමන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කර ඇත.

කිසිසේත්ම තවත් මාස 6 කින් ඉදිරියට මේ ආණ්ඩුවට පවතින්නට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කර තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් සමඟ ඔහු මේ බව පවසා තිබේ. ආණ්ඩුව මාස හයක් ඇතුළත පෙරලා දමන නිසා ආණ්ඩුවට එක්වීමට හිතන්නවත් එපා යැයි ඔහු අහම්ට පවසා තිබේ.

රාජිත සේනාරත්න මේ බව පවසා ඇත්තේ නසීර් අහමඩ් ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස ආණ්ඩුව සමඟ එක්වීමේ අපේක්ෂාවෙන් සිටින පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස