තවුහිද් ජමාත් මූල්‍ය පාලක රු. කෝටියක මුදල් ගනුදෙනු රිසිට්පත් සහ තවත් භාණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට! ත්‍රස්තවාදීන්ට මුදල් දුන් සහ ගත් අය හෙළිවන ලකුණු!

May 4, 2019 at 9:28 am | by admin

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මුල්‍ය පරිපාලක ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන අබ්දුල් සක්තාර් මොහොමඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සෝදිසි මෙහෙයුමකදී සැකකරු සතුව තිබී එම සංවිධානයට ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදල් සම්බන්ධ රිසිට් පත් 200ක් සහ යම් යම් පුද්ගලයන්ට මුදල් බැර කළ තවත් රිසිට් පත් 25ක් සිය භාරයට ගෙන තිබේ.

එසේම මොහු ජාතික හැඳුනුම් පත් දෙකක්‌ද යුධ හමුදා කැලෑ ඇඳුම් හැඳ පිස්‌තෝලයක්‌ අතේ තබා ගනිමින් ගත් ඡායාරූප දෙකක්‌ද සොයා ගෙන ඇති අතර පාස්‌කු ඉරිදා ප්‍රහාරවලින් පසු සියලු සාමාජිකයන් ට ආරක්‍ෂිතව සිටින ලෙස උපදෙස්‌ දෙන කාන්තා හඬ පටයක්‌ද තිබී සොයා ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස