කන්‍යාවන් 72ක් සොයා ගිය සියෝන් ත්‍රස්තයගේ හිසටවත් නිවනක් නෑ! නැවතත් ගොඩ ගෙන මෝචරියට යවන්න නියෝග කරයි!

August 31, 2019 at 2:32 pm | by emanisa.lk

මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් එල්ල වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

එම කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම හිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එතෙක් හිස කොටස පොලිස් ආරක්ෂාව යටතේ මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබන ලෙසද අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස