එයාර්බස් අල්ලස්ගත් හිටපු ශ්‍රීලංකන් ලොක්කා වරෙන්තු පිටම රටින් පැනලා!

February 6, 2020 at 7:33 am | by emanisa.lk

අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා විජේනායක රටින් පළා ගොස් ඇති බවට වාර්තා පළ වේ.

2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි ඔවුන් දෙදෙනාට චෝදනා එල්ලවෙයි.

නීතිපතිවරයා විසින් ඔවුන්ට චෝදනා ගොනු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය චෝදනා යටතේය.

රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඔවුන් රටින් පිටව ගොස් ඇති බවට තමන්ට ද තොරතුරු වාර්තා වන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ කොළඹ හතේ පිහිටි නිවසට ගිය අවස්ථාවේ ඔවුන්ගේ නිවස වසා දමා තිබූ බව සඳහන්වෙයි.

නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ මෙම දෙදෙනාට රටින් පිට වීමට එරෙහිව වාරණ නියෝගයක් ඇති නිසා මේ වන තෙක් රටින් පිට වී ඇතැයි සිතිය නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස