සමස්ත ආසියාවේ ආර්ථිකය 6%ක වේගයෙන් වර්ධනය වෙද්දි අපේ ආර්ථිකය 3.1%කට කඩා වැටිලා! – ආර්ථික ඔස්තාර් රනිල්ගේ කෙරුවාව ආචාර්ය නාලක ගොඩහේවා පට්ට ගසයි…

June 2, 2019 at 12:52 pm | by admin

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සැලසුම් කළ ආකාරයට මේ රටේ ආර්ථිකය ඉදිරියට ගියේ නම් 2018 වසර වන විට ලංකාවේ ඩොලර් බිලියන 127ක ආර්ථිකයයක් තිබිය යුතු වුවද යහපාලන ආණ්ඩුව විසින් එය ඇ. ඩො. බිලියන 88 දක්වා පහළට ඇද දමා ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ ආර්ථිකය අපේක්ෂිත ඉලක්කයට වඩා ඩො.බිලියන 10ක් ලබන වසර වන විට ඩොලර් බි. 40ක් ද පිටුපසින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

සමස්ත ආසියාවේ ආර්ථිකය 6%ක වේගයෙන් වර්ධනය වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.1%කට කඩා වැටී ඇතැයි ද ශ්‍රී ලංකාව දැන් තරඟ කරන්නේ ආසියාවේ දුර්වලම ආර්ථිකයක් වන ඇෆ්ගනිස්ථානය සමග බවත් ආචාර්ය ගොඩහේවා හෙළි කළේය.

මේ වන විට ජනමාධ්‍ය රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා රටේ ආර්ථිකය පෙර කිසි දිනක නොවූ විරූ අගාධයක ඇති බව ජනතාවට අමතක වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස