මහින්දට සහාය පළකළ TNA සිංහල මන්ත්‍රීට වාහනයක් අවභාවිත කළැයි වසර 04ක දඬුවම්!

May 7, 2019 at 9:07 am | by admin

රජයේ වාහනයක් අවභාවිත කිරීමේ චෝදනාවට වරදකරු වු දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නියම කර තිබේ.

2010 අප්‍රේල් 09 පැවති මහ මැතිවරණයෙන් දෙමළ සන්ධානය නියෝජනය කරමින් එකම සිංහල මන්ත්‍රීවරයා ලෙසය. ඒ නැඟෙනහිර අක්කරේපත්තුව නියෝජනය කරමිනි. අනතුරුව එම වසරේ ඔක්තෝබර් 09 වෙනිදා ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළ කළේය.

විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ අවදියේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ලබාදුන් ප්‍රාඩෝ රථයක් එම මන්ත්‍රී ධුරය අහිමි වීමෙන් පසුව ආපසු රජයට භාර නොදී අවභාවිත කළ බවට චෝදනා කරමින් පියසේන මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව යටතේය.

වාහන අවභාවිත කරන බවට බොහෝ මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල පසුබිමක එම චෝදනාව විපක්ෂ මන්ත්‍රීවරුන් දඩයම් කිරීමට භාවිත කරන බවට චෝදනා නැඟෙයි. දෙමළ සන්ධානයෙන් පත්ව රාජපක්ෂ ආණ්ඩුවට එක්වීම නිසා දෙමළ සන්ධාන නායකයන් ද ඔහු සමග දැඩි විරසකයක් ඇති කරගත්හ. එසේම විපක්ෂයේ සිට ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්නේ ද දෙමළ සන්ධානයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස