ඉස්ලාම් රාජ්‍යයක් හදන්න නැඟෙනහිරින් අන්තවාදී මුස්ලිම් සංවිධානයක්! අනුගාමිකයන් 1300කට නායකත්වය දෙන්නේ ජ’පුර වෛද්‍යවරයෙක්! – බුද්ධි අංශ හෙළි කරයි…

December 13, 2020 at 10:15 am | by emanisa.lk

කල්මුණේ කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය වන අන්තවාදී මුස්ලිම් සංවිධානයක් පිළිබඳ තොරතුරු හමුදා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන ඇති බව මෙ රට ජාතික පුවත්පතක් අනාවරණය කරයි.

සුපර් මුස්ලිම් ලෙස මෙම සංවිධානය හඳුන්වන අතර එහි නායකයා කලන්දර් ලෙබ්බේ මොහොමඩ් නැමැති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරි වෛද්‍යවරයෙකි.

මොහු රාජ්‍ය නොවන සංවිධාන ඒක්ව 2004 සුනාමි මුදල් අයථා ලෙස යොදාගනිමින් මෙම සංවිධානය ආරම්භ කර ඇති අතර එකල නිවසේ සිට ඉස්ලාම් ධර්මය ද උගන්වා ඇත.

මෙම සංවිධානයට ක්‍රියාකාරී සාමාජිකයන් 300ක් පමණ සිටින අතර ඊට සම්බන්ධව තවත් 1000කට ආසන්න අනුගාමික පිරිසක් කටයුතු කරන බව ද බුද්ධි අංශ හඳුනා ගෙන තිබේ.

මොවුන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වන්නේ ශරියා නීතිය අනුව පාලනයක් පවත්වා ගෙන යාම වන අතර තම සාමාජිකයන්ට දෙමාපියන්, සහෝදර සහෝදිරයින් හා නෑදෑයින් සමග සම්බන්ධතා පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද වාර්තා වේ.

මොවුන් වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන අතර කාන්තාවන්ට නිවසින් පිටතට පැමිණිම සම්පූර්ණයෙන්ම තහනම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස