මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණේ රට ගැන හිතලා! රට ගැන හිතලා නැවත ඇමතිකම් භාර ගන්නත් සූදානම්! – කබීර් හෂීම්

June 15, 2019 at 12:14 pm | by emanisa.lk

තමාට යලි අමාත්‍ය ධුරයේ වගකීම් භාරගන්නා ලෙස ඉල්ලීමක් කළහොත් ඒ පිළිබඳ සිතා කටයුතු කිරිමට සූදානම් බව එජාප සභාපති කබීර් හෂිම් පවසයි.

ඔහු පවසන්නේ තමා ඇතුළු මුස්ලිම් දේශපාලනකයින් සිය ධුරවලින් ඉල්ලා අස්විමට තිරණය කළේ රට ගැන සිතමින් බවයි.

අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂිම් මන්ත්‍රීවරයා මේ බව කියා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධෙයන් ද කබීර් හෂිම් එහිදී අදහස් දැක්වූ විය.

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂයෙක් ඉදරිපත් කරන බවත් ඒ සඳහා එක්සත් ජාතික පෙරමුණට උදව් කළ හැකි බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස