ඉන්දියාව අපේ ජනාධිපතිතුමා සිංහලෙන් පිළිගනී!

November 28, 2019 at 11:46 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රථම නිල විදෙස් සංචාරය සඳහාඅද (28) ඉන්දියා බලා පිටත්ව ගියේය.

ඉන්දියාවේ නවදිල්ලි ඉන්ධිරා ගාන්ධි ගුවන්තොටපුළ වෙත ළඟා වූ ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේය.

මේ අතර ඉන්දියාව සිය අසල්වැසි රටේ රාජ්‍ය නායකයා පිළිගැනීම සඳහා සවිකළ පුවරුවල සිංහල භාෂාවෙන් ද සටහන් තබා තිබිණි.

මෙයට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විවිධ රාජ්‍ය නායකයන් ඉන්දියා බලා ගිය ද මෙලෙස සිංහල භාෂාවෙන් එරට රජය පුවරු සවි කළ බවට සාධක නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස