ඉන්දියාවේ බලහත්කාරයට එරෙහිව ඉන්දියානු භාණ්ඩ වර්ජනයක් අරඹනවා….! – වරාය වෘත්තීය සමිති….

January 22, 2021 at 8:44 pm | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් 49%ක් ඉන්දියානු අදානි සමාගමට පවරාදීමේ උත්සාහය සම්බන්ධයෙන් ඉන්දියාව දිගට ම බලහත්කාරී ප්‍රවේශයක් අනුගමනය කරන්නේ නම් මෙ රට තුළ ඉන්දියානු නිෂ්පාදන වර්ජනය කිරීමේ රැල්ලක් ආරම්භ කරන බවට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති ව්‍යාපාරය අනතුරු අඟවයි.

කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාරදීම සඳහා ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ (21) එම මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේ ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තී සමිතියේ සම කැඳවුම්කරු සංජීව කුමාර වැලිගම මෙසේ පැවසී ය.

“වරාය වෘත්තීය සමිති 23ම ඒකාබද්ධ වෙලා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අපි ආවෙ අපේ යෝජනාවලිය කුමක් ද කියලා පැහැදිලි කරන්න. අපි ඇතුළත් වීමේ දී ම ඔවුන් කළේ අපිව ප්‍රතික්ෂේප කිරීම.
අපේ රටේ ම තියෙන ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කරන්නෙ මේ ආකාරයට නම් අපට අපේ රටේ ස්වාධීනත්වයක් තියෙනවා ද කියලා බරපතළ ගැටළුවක් තියෙනවා.

මේ උත්තරය මත නම් මේගොල්ලන් යැපෙන්නෙ අපි ඉන්දියානු නිෂ්පාදන අපේ රටේ ප්‍රතික්ෂේප කරන වැඩපිළිවෙළකට යනවා. අපි දිනයක් ප්‍රකාශයට පත්කරනවා. ඒ දිනයේ ඉඳන් ඉන්දියානු විරෝධය අපි පටන් ගන්නවා IOC තෙල් ප්‍රතික්ෂේප කිරීමට. ඒකෙන් අපි පටන් ගන්නවා මේකට උත්තරය…”

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස