නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න මහින්ද විරුද්ධයි…! ජැටිය දෙන්න හදන්නේ ගෝඨලා…! ජැටිය දෙන දවස ආණ්ඩුවේ මළ ගමයි…! – වරාය වෘත්තීය සමිති….

January 22, 2021 at 7:48 am | by emanisa.lk

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් කිරීමේ සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරයි.

කෙසේ වුව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණ විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුහු අනාවරණය කළහ.

ජනාධිපතිට නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇතත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට සිය හඬ අවදි කරනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කළහ.

මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව හැකි නම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නැයි ද අභියෝග කරන ඔවුහු කොළඹ වරාය ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුව අවසන් යයි ද කියා සිටියහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස