අවසන් පාස්කු ත්‍රස්තවාදියාටත් දඬුවම් කරනවා! රටට අබමල් රේණුවක වරදක් වෙන්න ඉඩතියන්නේ නෑ! කිසිවෙක් ඒ පිළිබඳ සැකයක් තබාගන්න එපා! – ඇමති අලීි සබ්රි

August 14, 2020 at 8:57 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවසන් පුද්ගලයෙකු සිටී නම් ඊට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙන එමින් දඩුවම් දීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ ඊයේ (12) මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි.

රටට මෙන්ම රටේ ජනතාවට කිසිදු වරදක් සිදුවීමට ඉඩ නොතබන බව පැවසූ අමාත්‍ය අලි සබ්රි වැඩි දුරටත් කියා සිටියේ ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා තමන් දේශපාලනය අවතීර්ණ නොවූ බවයි.

මේ රටෙන් මුස්ලිම් අන්තවාදය තුරන් කිරීමට මුස්ලිම් ජනතාවට තරම් කිසිවෙකුට උවමනාවක් නැති බවත් අන්තවාදය පවතින තුරු තමන්ට නිදහසේ ජීවත් විය නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

තමන්ට අවශ්‍ය රටේ ජනතාව බෙදා වෙන් කිරීමට නොවන බවත්, සියලුදෙනා එකතු කිරීමට බව ද ඔහු පැවසීය.

“මම අධිකරණ ඇමතිවරයා ලෙස ජනා‍ධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ යම් සමාජයක් හෝ යම් ජන කොට්ඨාශයක් වෙනුවෙන් නෙවේ. මේ රට වෙනුවෙන්. අපි මේ රටට ඉතාමත්ම ආදරෙයි.”

“කිසිම අවස්ථාවක මේ රටට විරුද්ධව, මේ රටේ සාමයට විරුද්ධව හෝ මිනිස්සුන්ගේ සහෝදරත්වයට විරුද්ධව අපෙන් අබමල් රේ‍ණුවක තරම්වත් වරදක් සිද්ධ වෙන්නේ නැති බව සහතික වෙනවා. ඒ පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ..”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස