ජනාධිපති නීතීඥ අලි සබ්‍රිට අධිකරණ ඇමතිකම? සමාජ මාධ්‍ය ඇවිළෙයි…..

August 9, 2020 at 1:56 pm | by emanisa.lk

ජනාධිපති නීතීඥ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අලි සබ්‍රීට නව ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය ලබා දීමේ සූදානමක් ඇතැයි වෙබ් අඩවි කිහිපයක් සහ සමාජ මාධ්‍යවල වාර්තා පළ වෙයි.

කෙසේ වුවද ආණ්ඩුවට හිතැති කණ්ඩායම් ඊට එරෙහිව දැනටම අවි අමෝරා ගෙන ඇති අතර එය කිසිසේත් නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

මහත් කැප කිරීම් කොට ගොඩනඟා ගත් 2/3 බහුතර ආණ්ඩුව යටතේ රටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවත් ෂරියා නීති ඉස්ලාම් බැංකු අන්තවාදය වපුරන මද්‍රාසා පාසල් වෙනුවට රටම එකම නීතියක් යටතට පත් කළ යුතු බව පෙන්වා දෙන එම කණ්ඩායම් අලි සබ්‍රිට අධිකරණ ඇමති ධුරය ලබා දීම ඊට බාධාවක් විය හැකි බවට බිය පළ කරති. මෙරට සියලු කොරෝනා මරණ වෛද්‍ය උපදෙස් අනුව ආදාහනය කිරීමට ද අලි සබ්‍රි එරෙහි විය.

මේ අතර සමාජමාධ්‍යවල ඇතැමුන් අධිකරණ ඇමති ධුරයට විජේදාස රාජපක්ෂ ද තවත් සමහරු උදය ප්‍රභාත් ගම්මන්පිළ ද යෝජනා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස