අලි සබ්රි ගෝඨා රැක්ක ජාතිකවාදියෙක්! ඔහු අධිරකණ ඇමතිකම ගත්තොත් රටට හොඳයි! – දිලිත් ජයවීර

August 10, 2020 at 2:02 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලී සබ්රිට නව අමාත්‍ය මණ්ඩලයේ අධිකරණ ඇමති ධුරය ලබාගත හොත් රටට යහපතක් වනු ඇතැයි දිලිත් ජයවීර පවසයි.

ජනාධිපති නීතිඥ අලි සබ්රි සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබු සටහනක මේ බව සඳහන් වෙයි.

“අලි සබ්රි දශක තුනක් තිස්සේ මගේ සමීපතම මිතුරෙක්. මගේ විශ්වවිද්‍යාල දේශපාලන ජීවිතයේ දී හමුවූ ඔහු අදටත් එදා මෙන් ම එකම මතයක ඉඳන් කටයුතු කරන කෙනෙක්. වර්තමාන ජනාධිපතිතුමාට ඔහු හඳුන්වා දුන්නේත් මමයි. ඒ ඔහු පිළිබඳව මා තුළ තියන අසීමිත විශ්වාසය නිසා.

ඒ වකවානුවේ ඔහු එවකට ආරක්ෂක ලේකම්තුමාට මිග් ගනුදෙනුව මුවාවෙන් The Sunday leader පුවත්පත පළ කළ අපහාසාත්මක ලිපියට එරෙහිව නඩු දැමීම සඳහා ඔහු සම්බන්ධ කර වූවා.

එදා ඉඳන්ම ඔහු අපේ ජනාධිපතිතුමා එරෙහි ව දැමූ හැම නඩුවකට නොමිලේ පෙනී හිටියා විතරක් නෙමේ ජනාධිපතිතුමා ආරක්ෂා කළා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නැතුව ජනාධිපතිතුමා ළඟ කවුරුත් හිටපු නැති වෙලාවක එතුමා මුදල් ශ්‍රමය ධනය ජනාධිපතිතුමා වෙනුවෙන් වැය කළා.

ඔහු තම ආගමික විශ්වාස අනුව ජීවත්වෙන දියුණු ශ්‍රී ලාංකිකයෙක්. ජාතික ලැයිස්තුවෙන් ඔහු පාර්ලිමේන්තුවට ගෙන ඒමට මමද ඇතුළුව ජාතික සංවිධාන රැසක් කටයුතු කළා. ඒ ඔහු අපිට විශ්වාසය තැබිය හැකි මුස්ලිම් ජාතිකයෙක් විතරක් නෙමෙයි උගතෙක් නිසා.

ලංකාවේ ඉහළම පෙළේ ජනාධිපති නීතිඥයෙක් විදියට කටයුතු කරන ඔහු පාර්ලිමේන්තුවට ආවම ඔහුට ඒ වෘත්තියේ නිරත වෙන්න නොහැකි වීම නිසා මූල්‍යමය වශයෙන් පවා පාඩුවක් වෙනවා. ඔහු ඒ සියල්ල අහිමි කරගනිමින් රට වෙනුවෙන් සේවය කරන්නයි පෙරට එන්නේ.

ඔහු ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරාවී.

Inclusive Nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි.”

කෙසේ වුවද ආණ්ඩු හිතවාදී බොහෝ කණ්ඩායම් සමාජමාධ්‍ය ඔස්සේ අලි සබ්‍රි අධිකරණ ඇමති ධුරයට පත් නොකළ යුතුය යන මතය වෙනුවෙන් දැඩිව පෙනී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස