අධිකරණ ඇමති සබ්‍රී තස්ලිම් හමුවෙයි! සහරාන්ට එරෙහි වූ තස්ලිම් ජාතික වීරයෙක් බවත් කියයි!

August 13, 2020 at 11:54 am | by emanisa.lk

අධිකරණ ඇමති මොහොමඩ් සබ්‍රී මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ මගුල් මඩුවේ දිවුරුම් දී එන ගමනේ දී මොහොමඩ් තස්ලිම් හමු වීමට ගොස් තිබේ.

සහරාන් ඇතුළු තවුහිද් ජමාද් අන්තවාදීන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීම නිසා මාරාන්තික ප්‍රහාරයකින් සදාකාලික අබාධිතයකු බවට පත් වූ ජාතික වීරයෙකු බව පවසමින් ඇමති සබ්‍රි ෆේස්බුක් සටහනක් තබා තිබේ.

එළිපිට ජාතිවාදය වපුරන උගත් යැයි කියන ඇතැම් ජාතිවාදීන්ට වඩා ඔහු රටට යුතුකම් ඉටුකළ පුද්ගලයකු බවත් තස්ලිම්ලා දහස් ගණනක් රටට බිහිකරගත යුතු බවත් ඇමති සබ්‍රී වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස