අරගලයේ ළමා හිංසනය ගැන තොරතුරු රැසක් එළියට…! කිරි සප්පයා දිගට ම අරගල පළිහක් කරගෙන…!

October 12, 2022 at 7:38 pm | by emanisa.lk

පසුගියදා ගාලු මුවදොර විරෝධතාව අතරතුර ගැටුමකට මැදි වූ කුඩා දරුවා එම දෙමාපියන් දිගින් දිගට ම අරගල බිමට රැගෙන පැමිණ ඇති බව මේ වන විට හෙළි වී තිබේ.

අරගල භූමියේ විවිධ අවස්ථාවල මෙම දරුවා වඩා ගෙන දරුවාගේ මව සහ පියා ඡායාරූප ලබා ගෙන තිබේ.

මෙම පුද්ගලයා නිට්ටඹුව ප්‍රදේශයේ අවන්හලක සේවය කරන්නෙකු බවත් මත්කුඩු පානය සඳහා තදින් ඇබ්බැහි වූ අයෙකු බවත් පැවසෙයි. ඔහු මහජන අනුකම්පාව ලබා ගැනීම සහ පොලිසියෙන් ගැලවීම සඳහා දිගින් දිගට ම මෙම කුඩා දරුවා යොදා ගෙන ඇත.

අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාරගේ නිවසට පහර දී අත්අඩංගුවට පත් වන මෙම පුද්ගලයා හිරකූඩුවේ සිට පවා දරුවා තබා ගෙන පින්තූර ලබා ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

මෙම යුවළ දරුවා සමග ගාලු මුවදොර අරගල භූමියේ ආරම්භයේ සිට ම රැඳී සිටිමින් ලබා ගත් ඡායාරූප පෙළක් පහත දැක්වෙයි. මෙම සිදුවීම් ළමාරක්ෂක අධිකාරියේ අවධානයට යොමු නොවීම පුදුමසහගතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස