අපේ පක්ෂෙ ලේකම් හාමුදුරුවෝ හැංගුවේ මම නමි නෙමෙයි! – රතන හිමි

August 19, 2020 at 10:02 am | by emanisa.lk

තමා​ දෙන නිර්දේශ මත ලේකම්වරයා හෝ අනුප්‍රාප්තික ලේකම්වරයා ගිවිසුම් ප්‍රකාරව අපේ ජන බල​ පක්ෂයේ මන්ත්‍රීවරයා පත්කිරීමට බැඳී සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (18 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අපේ ජනබල පක්ෂයට ලැබුණු මන්ත්‍රී ධුරය සම්බන්ධව විශාල මතවාදයක් සමාජය තුළ ගොඩනැගිලා තියෙනවා. එතැනින් ප්‍රධානම දේ තමයි මම අතුරුදන් කියන එක. මම වගේ ප්‍රසිද්ධ කෙනෙකුට එහෙම අතුරුදන් වෙන්න බෑ. මම ඡන්දයෙන් පසුව ගත කළ හැම රැයකම හිටියේ මම ජීවත් වන සදහම් සෙවණ පන්සලේ. ඒ වගේම කිසිම පැහැර ගැනීමකට හෝ බලපෑම් කරන සංවිධානයකට මම සම්බන්ධ නෑ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අපි යොදාගත යුත්තේ සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට. මන්ත්‍රී ධුරයක් නැතත් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම ප්‍රශ්නයක් නෙවෙයි. මන්ත්‍රී ධුරය තවදුරටත් ගැටලුවක් නම් මම නිහඬ වෙලා ජාතික ව්‍යාපාරය ගොඩනැගීමට දායකත්වය ලබාදෙනවා. ඒ නිසා මන්ත්‍රී ධුරය අත්‍යවශ්‍ය දෙයක් ලෙස මම සලකන්නේ නෑ.

අපි අතර කතා කරන්න බැරි මහා ගැටුමක් ඇතිවෙලා නෑ. අපට තියෙන එකම දේ නීතියේ රැකවරණය. මැරකම්වලින් මේකට උත්තර හොයන්න බෑ කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕනෑ. මේ තියෙන ප්‍රශ්නය දින කිහිපයක් තුළ විසඳා ගන්න පුළුවන් වෙයි. අපට ඡන්දය දුන් පිරිසට කනස්සල්ලක් ඇති. ඒ අයට මම කියන්නේ කලබල වෙන්න එපා කියලයි. ජාතික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්නේ මන්ත්‍රී ධුරයක් මත නෙවෙයි අපේ දැක්ම මතයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස