ඇමති රාධක්‍රිෂ්ණන්ගේ ඇමති ධුරයට තට්ටු වෙයි!

July 13, 2019 at 2:38 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසන අවස්ථාවේ එය මගහැර විදෙස්ගත වූ කැබිනට් නොවන ඇමති වී. රාධක්‍රිෂ්ණන්ගේ ඇමති ධුරය අහිමි වීමේ අවධානමක් මතුව තිබේ.

ඒ අදාළ ඡන්ද විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිට ආණ්ඩුව ආරක්ෂා කරගත යුතු බව දන්වා තිබිය දී ඊට පිටුපා විදෙස්ගත වීම නිසාය.

ජවිපෙ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පැවැත් වූ බ්‍රහස්තින්දා (11) සවස ඔහු සිය පවුලේ උදවිය සමග ඉන්දියාවට ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස