පොලිස් රාජකාරියට බාධා කළ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්න නියෝග කරයි!

August 23, 2019 at 10:27 am | by emanisa.lk

පුද්ගලික ඉඩමක මළ සිරුරක් මිහිදන් නොකරන ලෙසට දුන් අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක කිරීමට ගිය තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මතුගම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය පෙරේදා (21) සවස නියම කළාය.

අධිකරණ නියෝගය ක‍්‍රියාත්මක කිරීමට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තෙබුවන පොලිස් ස්ථානාධිපති යූ. අරුලානන්දන් මහතා විසින් දීර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරිය වැඩිදුර වාර්තාවක් ඔක්තෝබර් මස 15 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියම කළාය.

තෙබුවන ගල්කන්දගොඩවත්ත ප‍්‍රදේශයේ ඉඩමක මළ සිරුරක් මිහිදන් නොකරන ලෙසට මෙම අධිකරණ නියෝගය ලබාදී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස