රිෂාඩ් ඇමතිතුමා අධ්‍යාපනය දියුණු කරන්න ගන්න උත්සාහයට ස්තූතිවන්ත වෙන්න ඕන! – අගමැති

September 13, 2019 at 10:58 am | by emanisa.lk

අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් දිය යුතු බව අප ප්‍රකාශ ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

සමහරු අධ්‍යාපනය දියුණු කරන බව පැවසුවත් බලයේ සිටින අවස්ථාවේ එසේ නොකළේ මන්දැයි අගමැතිවරයා ප්‍රශ්න කරයි.

සියලු දරුවන්ට 13 වසර දක්වා අධ්‍යාපනය ලබාදිය හැක්කේ තම ආණ්ඩුවකට පමණක් බව ද ඔහු අවධාරණය කළේය.

මන්නාරම ප්‍රදේශයේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ඇමති රිෂාඩ් බදියුදීන් විශාල උත්සාහයක් ගන්නා බව ද ඒ සඳහා ස්තූතිවන්ත විය යුතු බවත් අගමැතිවරයා සඳහන් කළේය.

මන්නාරම ප්‍රදේශයේ ඉරුක්කලම්පිඩි විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැඟිල්ල සහ ක්‍රීඩා පේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයකට එකතු වෙමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස