අද (11) දින තවත් කොරෝනා ආසාදිතයන් 60 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
මෙයට පෙර ආසාදිතයන් 61 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව අද දින හමු වූ සමස්ත රෝගීන් ගණන 121කි.
මේ අතරින් 87 දෙනෙකු ඇඟළුම් කම්හල් සේවකයන් වන අතර ඉතිරි 34 දෙනා එම සේවකයන් ඇසුරු කළ අය වෙයි.
මේ අනුව අද රාත්‍රීය වන විට මිනුවන්ගොඩ පොකුරින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 1307කි.