අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමි ශ්‍රී දේහට ජනපති අවසන් ගෞරව දක්වයි!

February 21, 2020 at 11:15 am | by emanisa.lk

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ (106) ආදහන පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක් විය.

ආදාහන පූජෝත්සවය අද (20) පස්වරුවේ කොළඹ හැව්ලොක් ටවුන්හි හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහා නායක හිමිවරුන්ගේ සහ අනුනානයක හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ආදහන පුජෝත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක කරූ ජයසූරිය සහ මැති ඇමතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස