හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි! ඉල්ලා අස්වීමේ ලිිපිය ජනපතිට භාරදෙයි!

June 2, 2019 at 10:43 pm | by admin

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම පිළිගත් බව ද වාර්තා වෙයි.

මේ අතර අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම් දී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ද නුදුරේදීම ඉල්ලා අස්වනු ඇත. මේ වන විට මොවුන් තිදෙනාම සිය තනතුරුවලින් ඉල්ලා අස් වී පරීක්ෂණවලට මුහුණ දිය යුතු බවට රට පුරාම මතයක් නිර්මාණය වී ඇති අතර ඔවුන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් අතුරලියේ රතන හිමි ආරම්භ කළ උපවාසයට රට පුරා බෞද්ධ හින්දු කතෝලික පමණක් නොව මුස්ලිම් ජනතාවගේ ද සහාය ලැබෙමින් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස