හිරගෙට කුඩු සහ දුරකතන අහසින් යවයි! බන්ධනාගාර අවට පදිංචිකරුවන් අලුත් ස්වයං රැකියාවක!

July 7, 2020 at 7:55 pm | by emanisa.lk

බන්ධනාගාර වටා තනා තිබෙන තාප්ප උඩින් සිරකරුවන්ට මත්කුඩු පාර්සල්, ජංගම දුරකථන, විසිකිරීම බන්ධනාගාර අවට පදිංචිකරුවන් කීපදෙනෙකුගේ ස්වයං රැකියා බවට පත්වී ඇතැයි පොලිස් පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත.

මෙම පාර්සල් විසිකිරීමට මුල්වෙන පුද්ගලයාට රුපියල් දසදහසක හෝ විසිදහසක පමණ මුදලක් මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ලැබෙන බව හෙළිවී ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල පවසයි.

මේ අන්දමින් වැලිකඩ බන්ධනාගාරයට පාර්සල් විසිකිරීමට තැත් කළ පුද්ගලයන් සිව්දෙනකු බොරැුල්ලේ වනාතේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම තොරතුරු හෙළිවූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මීගමුව, ගාල්ල බන්ධනාගාරවලටද මේ ආකාරයට ජංගම, දුරකථන සහ මත්කුඩු පාර්සල් තාප්ප උඩින් විසිකරන කල්ලියක් සිටින බව බන්ධනාගාර නිලධාරියකුගෙන් කළ විමසීමකදී කියා සිටියේය.

බන්ධනාගාර අසල පිහිටි පදිංචිකරුවන් සමඟ එක්වී කි‍්‍රයාව සිදුකිරීමට මුල්වී ඇත්තේ බන්ධනාගාරවලින් නිදහස් වූ අය බවද පැවැසේ. ඔවුන්ගේ සැලස්මක් අනුව මෙම කි‍්‍රයාව සිදුකෙරෙන අතර මේ සඳහා බන්ධනාගාරවල ඇතැම් නිලධාරීන්ගේද සහාය ලැබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස