මැගසින් බන්ධනාගාරය උණුසුම්! බන්ධනාගාරයට හෙරොයින් අයිස් දුරකථන වැස්සක්!

June 26, 2020 at 2:54 pm | by emanisa.lk

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළට තාප්පයට ඉහළින් කිසියම් අයකු පාර්සලයක් විසි කිරීම හේතුවෙන් බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

බෝම්බයක් ආකාරයෙන් මෙම පාර්සලය සකසා බන්ධනාගාරය තුළට විසිකර තිබූ අතර වහාම බොරැල්ල පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශය පැමිණ එය පරීක්ෂා කරනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.

බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් පරීක්ෂාවට ලක්කළ එම පාර්සලය තුළ ඉතා සුක්ෂම ආකාරයෙන් අසුරා තිබූ හෙරොයින් සහ අයිස් මත්කුඩු, ජංගම දුරකථනයක් සහ චාජරයක් හසු වූ බව බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩි දුරටත් අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස