දරුණු අපරාධකරුවන්ට මන්ඩතිව් දූපතේ වෙනම බන්ධනාගාරයක්! බන්ධනාගාරයේ සිට අපරාධ මෙහෙයවීම නැවතීමට දුරකතන සබඳතා අවහිර කෙරේ!

June 10, 2020 at 6:20 pm | by emanisa.lk

මරණීය දණ්ඩනය හා වෙනත් දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින දරුණු අපරාධකරුවන් විසින් දුරකතන ඔස්සේ සිදුකරන ජාවාරම් නැවැත්වීමේ පියවරක් ලෙස එම අපරාධකරුවන් දුරකතන සබඳතා අවහිර කළ බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව එම අපරාධකරුවන් තාවකාලිකව බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයට යොමු කිරීමටත්, ඔවුන් වෙනුවෙන් ලාදුරු රෝගීන් රඳවා තැබීම සඳහා භාවිත කළ මඩකලපුව, මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ආදී ජාවාරම් නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබා දී ඇති උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ බව පැවසුවේ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස