පුද්ගලයෙකුට පහර දුන් පොහොට්ටු මන්ත්‍රී සහ පොළඟා රිමාන්ඩ්!

May 13, 2020 at 6:14 pm | by emanisa.lk

ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවෙකු අද (13)  හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේමස 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට හලාවත මහේස්ත‍්‍රාත් සහ  දිසා විනිසුරු මංජුල රත්නායක පොලීසියට නියෝග කළේය.

හලාවත කුමාරකට්ටුව ප‍්‍රදේශයේ මාර්ගයක යතුරු පැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙටකුට පහර දී එම පුද්ගලයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුලූව දේපලට හානිකිරීම සම්බන්ධයෙන්  මොවුන් සැකපිට අත්අඩංගුවට ගනුලැබීය.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ ආරච්චිවිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රී  සුදත් රෝහිත සහ ඔහුගේ ආධාරකරුවෙ වූ පොළගා හෙවත් විජිත රම්‍යකුමාර නැමැත්තෙක්ය.

ඉකුත් 09 දා රාත‍්‍රී තමා කුමාරකට්ටුව  ප‍්‍රදේශයේ මාර්ගයේ සිය යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී මන්ත‍්‍රීවරයා සහ තවත් ප‍්‍රදේශයේ මැරයෙකු මගරැක පහරදුන් බවත් අනතුරුව තම ජීවිත බේරා ගැනීමට නිවසට දුව ගොස් සැඟව සිටියදී  එම මන්ත‍්‍රීවරයා සහ මැරයා පැමිණ නිවසේ තිබූ රූපවාහිනී යන්ත‍්‍රය පොලු මුගුරුවලින් ගසා කුඩුකළ බවත් අගතියට පත්වූවන් කළ පැමිණිල්ලේ සඳහන් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස