හිරගෙවල් අපරාධකාරයන්ගේ තිප්පොළක් වෙන්න බෑ! කවුරු තරහ වුණත් මම මේක ඉවර කරනවා! – ජනපති

June 2, 2020 at 2:19 pm | by emanisa.lk

කාලයක් තිස්සේ සිර ගෙවල්වල සිට කුඩු ව්‍යාපාර, ආයුධ ජාවාරම් සහ පාතාළ කටයුතු මෙහෙයවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මෙම ආයතනය පිළිබඳ ජනතාව තුළ ඇති මතය ඉතාම නරක බව ද හෙතෙම අවධාරණය කරයි.

රටේ වැදගත් ආයතනයක් වන බන්ධනාගාරවල සිදු නොවිය යුතු සියල්ල සිදුවන තත්ත්වයක් උදාවීම පිළිබඳ එහි සේවය කරන නිලධාරීන් සිය හෟද සාක්ෂියෙන් විමසා බැලිය යුතු බවත් ජනාධිපතිවරයා පවසයි.

තව දුරටත් මෙසේ ඉදිරියට යා නොහැකි බවත් කවුරු තරහ වුවද මෙම තත්ත්වය අවසන් කිරීමට ජනතාව ලබා දුන් ජනවරම අනුව තමන් කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

https://m.facebook.com/story.php?story_fbid=117395623323673&id=100051597061101

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස