හිටපු ධීවර ඇමැති මාධ්‍ය හමුවක අමුවෙන් මාළු කයි! ජනතාවටත් බය නැතිව කන්නැයි කියයි….!

November 17, 2020 at 2:19 pm | by emanisa.lk

පෑළියගොඩ කොරෝනා පොකුර මතු වූ අවස්ථාවේ රට වටා ධීවර වරායන් 22 ම දින 02ට වසා දමා ධීවර ප්‍රජාවට PCR කරන ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගෙන් ඉල්ලා සිටිය ද එය ඉටු නොවූ බව හිටපු ධීවර ඇමැති දිලිප් වෙදආරච්චි පවසයි.

එහෙත් මේ වන විට ධීවර ප්‍රජාව අනාථ වී ඇති බවත් ජනතාව මාළු ගැනීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසයි.

එහෙත් මාළු කෑමට බිය විය යුතු නැති බවත් එමගින් කොරෝනා ආසාදනය නොවන බවත් සඳහන් කළ හිටපු ඇමැතිවරයා මාධ්‍ය හමුවට ගෙන ආ අමු මාළුවෙක් කෑවේ ය.

මේ පණිවිඩය රජය මැදිහත් වී ජනතාව හමුවට ගෙන ආ යුතු බවත් ජනතාව මාළු කෑමට නැඹුරු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස