අද හවස 6 සිට මුළු රටටම හැට පැයක් ඇඳිරි නීතිය! නැවත ඉවත් වන්නේ සඳුදා උදේ 6ට!

March 20, 2020 at 9:31 am | by emanisa.lk

අද  (20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව මෙතෙක් හලාවත පුත්තලම මීගමුව ජා-ඇළ ආදී ප්‍රදේශවලට වරින් වර පැනවූ ඇඳිරි නීතිය අද හවස සිට මුළු දිනයිනටම බලාත්මක වනු ඇත.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ආණ්ඩුව මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට ඉන්දියාව ද මුළු රටටම ඇඳිරි නීතිය පනවා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස