හඬපටි නිසා මම දැන් ඉස්සරටත් වඩා ජනප්‍රියයි! හිරුණිකාත් ඉස්සර වගේම කතා කරනවා! මෙවරත් එජාපයෙන් ගම්පහින් ඉල්ලනවා! – රංජන්

March 2, 2020 at 12:21 pm | by emanisa.lk

හඬපට සිදුවීම හේතුවෙන් ජනතාව විසින් තමා ප්‍රතික්ෂේප කරනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළද ඊට පසු තමාගේ ජනප්‍රියත්වය තවදුරටත් වැඩි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

හඬපට සිදුවීමට පසු පක්ෂයේ ඇතැම් පුද්ගලයන් තමන් විවේචනය කළ ද මේ වන විට ඔවුන් සියලු දෙනා පෙර ලෙසම තමන් සමග කතාබහ කරන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මහ මැතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් සිටියද මේ වනවිට තමාට නාමයෝජනා ලබාදීමට සජිත් ප්‍රේමදාස කැමැත්ත පළකර ඇති බැවින් මෙවරත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඔහු පවසයි.

රන්ජන් රාමනායක අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එජාප මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව පැවසුවද මෙතෙක් එවැනි විනය කිසිදු පරීක්ෂණයක් පවත්වා නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස