සමහර දරුවෝ ඉගෙන ගන්නේ පොල්අතු මඩුවල! ළඟම පාසල හොඳම පාසල කරන මම ඒකට පළි නෑ!

March 15, 2019 at 6:54 am | by admin

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිලි කළ අඩු පහසුකම් සහිත ස්ථානවල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම්වලට පළාත් දේශපාලනඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය හරහා අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා අඩු පහසුකම් සහිත පාසල් අංග සම්පූර්ණ පාසල් බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියා කර ඇති බවත් ඒ සඳහා පාසල් තෝරා ගැනීමේ දී පිළිගත් නිර්ණායක මත පදනම්ව එම කටයුතු සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඇතැම් අවස්ථාවල පළාත් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් නිර්ණායක කඩ කරමින් කටයුතු කිරිම මගින් මෙවැනි ගැටලු නිර්මාණය වීම කනගාටුදායක තත්ත්වයක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් වාර්තා කැඳවා ඇති බවත් එවැනි සිදුවීම් සඳහා ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරන බවද මෙහිදි අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස