සබීතාගේ බිල්ඩිම ගැන කියන්න එන්න බෑ! මට උත්සව කීපයක් තියෙනවා! – අගමැති

September 12, 2019 at 1:30 pm | by emanisa.lk

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇත.

අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් එදිනට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අද (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසම පවසයි.

ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස