සජිත් දිනන්නේ වැඩි ඡන්ද අටලක්ෂ පනස්දාහකින්! – මරික්කාර් (video)

October 21, 2019 at 6:50 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගන්නේ වැඩි ඡන්ද අට ලක්ෂ පනස් දහසකින් සහ 52%ක ප්‍රතිශතයකින් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

එතැන් පටන් පැය 24ම දුරකතනය අක්‍රීය නොකර තබා ගැනීමට සිදුවන බවත් එතුමා දෙන ටාර්ගට් අනුව වැඩකිරීමට සිදුවන බවත් හෙතෙම පවසයි.

සුද්දන් ළඟ දණ නොනමන හොරකම වංචාව නැති අතේ ලේ නොතැවරුණු තමා පමණක් නොව තම කණ්ඩායම මෙහෙය විය හැකි තරුණ නායකයකු ලෙස සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති විය යුතු යැයි හෙතම අවධාරණය කළේය.

මෙහිදී සිරස නිවේදකයා සඳහන් කළේ නැඟෙනහිර හිස්බුල්ලා මෙන්ම කඳුරට තොණ්ඩමාන් ද ගෝඨාභය රාජපක්ෂට එකතු වී ඇති බවකි. කෙසේ වුවද එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ජනාධිපති අපේක්ෂකයෙකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස