සජිත්ගේ දේශපාලන ගමන ඉවරයි! රනිල්-අනුර දේශපාලන සන්ධානයක්!

December 21, 2019 at 2:05 pm | by emanisa.lk

ජනාධිපතිවරණ පරාජයෙන් පසු නැවත ශක්තිමත් ලෙස නැඟී සිටීම සඳහා නව ප්‍රබල දේශපාලන සන්ධානයක් ගොඩනඟන බවත් ඒ සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් ඒකාරාශී කරගන්නා බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

ඔහු මෙම අදහස පවසා ඇත්තේ එජාප රනිල් පාර්ශවයේ ප්‍රබලයකු සමගය. සජිත් ප්‍රේමදාස මේ වන වන විට තනතුරු පසුපස හඹා යමින් පක්ෂය විනාශය කරා ගෙන යන බවත් එම විනාශයෙන් ගැලවීමට මෙවැනි සන්ධානයක් උවමනා බවත් එජාප නායකයා අවධාරණය කර තිබේ.

මෙම සන්ධානය ගොඩනැඟුවහොත් එහි නායකත්වය ජවිපෙ නායක අනුර දිසානායකට හිමි වන බවත් සජිත් ප්‍රේමදාස මේ සඳහා එකතු කර නොගන්නා බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස