සජිත්ගේ තේමා ගීතයට සිරිකොතින් නැටුමක්! සිරිකොත මැද දිය රෙද්දෙන් බාල් නටයි! (video)

August 14, 2019 at 4:34 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති බව කියන සාදයක වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

ජේ.ඒ. මිල්ටන් පෙරේරා ගයන රන් පොකුණින් දිය නාගෙන එන්නේ ගීතයට අනුව දිය රෙද්දෙන් සැරසුණු පිරිසක් එහි නර්තනයේ යෙදෙන අතර මේ පිරිස ගැහැනු පිරිමි ද නොවන කුලකයට අයත් බව සමාජමාධ්‍යවල පළ වී තිබිණි.

මෙම නැටුම ඉදිරිපත් කරන අතර එජාප නායකයන් සහ සාමාජිකයන් ඒ වටා සිට මහත් උද්‍යෝගයෙන් එය රස විඳිනු දැකිය හැකිය. කාන්තා යට ඇඳුම් වැනි ඇඳුම් කිහියක් ද නැටුම් බිමේ වැටී තිබේ.

පසුගියදා බදුල්ලේ පැවති ජනරැලියේ දී ගැයුණු උඹත් එකයි මමත් එකයි අපිත් එකයි රටත් එකයි ගීතය මෙන්ම මේ ඕලාරික නැටුම ද වර්තමාන එජාප ප්‍රබලයන්ගේ රසඥතා මට්ටම සහ සංස්කෘතිය ද පිළිඹිබු කරන බවට සමාජමාධ්‍යවල අදහස් දක්වා තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස