සිරිකොතින් ලිස්සා ආ සජිත් සෙන්පති නන්දිමිත්‍ර ගමේ සිට රනිල්ට අභියෝග කරයි! ‘2020 ජනපති සජිත්’ සටන සූදානම්! (video)

August 2, 2019 at 10:43 am | by emanisa.lk

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී තමන් වගකීම භාර ගැනීමට සූදානම් යැයි එළිපිටම ප්‍රකාශ කළ බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

දැන් තමා ජනපති සටනට බැස සිටින බවත් කතා දෙකක් නැති බවත් පැවසූ ඇමතිවරයා මේ රටේ උපනූපන් පරපුරුවල වගකීම භාර ගැනීමට තමා සූදානම් බව ද ප්‍රකාශ කළේය.

මැතිවරණවලට බිය නැති බවත් කවුරු කුමන බාධක දැම්මත් තමා ජනාධිපතිවරණයට සූදානම් බව සෙන්පති නන්දිමිත්‍ර ගම්මානයේ සිට ප්‍රකාශ කරන බව ද ඇමතිවරයා අවධාරණය කරයි.

එහිදී ඇමතිවරයාට ජනනාවගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

හම්බන්තොට සෙන්පති නන්දිමිත්‍රගම ජනතා අයිතියට පත්කරමින් ඊයේ (01) පැවති උත්සව සභාව අමතා හෙතෙම මෙසේ පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස