රට්ටු 50%ක් ආයේ මුන්ට ඡන්දේ දෙන්නේ නෑ කියලා අපට බැන්නා! – අගමැති

March 12, 2019 at 5:19 pm | by admin

ආණ්ඩුව කිසිවක් නොකළ බව කියමින් පසුගිය කාලයේ ජනතාවගෙන් සියයට පනහක් පමණ ආණ්ඩුවට බැණ වැදුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

‘සිරිකොත ගමට’ වැඩසටහන යටතේ එජාප මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මතුගම සංවිධානය කළ ජන හමුවකට එක්වෙමින් අගමැතිවරයා මෙසේ පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය.

“අනුන්ගේ පව් ගෙවන්න අපි සියලු දෙනා දුක් වින්දා. ආයෙ නම් මුන්ට ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා බැන්නා. නමුත් අපි කරපු වැඩවල ප්‍රතිඵල දැන් එනවා. මේ වසරේ අවසානය වන විට ආණ්ඩුව කළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිඵල එනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *