සංදීප්ගේ යතුරු පැදිය මෙරට ධාවනය තහනම් එකක් නෙමෙයි! ආබාධිත සංදීප්ට එරෙහිව පැමිණිලි කළ හෙළ උරුමය අසරණ කරමින් යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය සටනට….

December 23, 2019 at 5:46 pm | by emanisa.lk

රියදුරු බලපත්‍ර පංතියෙන් නියම කර ඇති යතුරුපැදි එන්ජින් ධාරිතා සීමා හැරුණු විට මෙරට මාර්ගයේ ධාවනය කර හැකි යතුරුපැදි එන්ජින් ධාරිතාව සම්බන්ධයෙන් කිසිදු නෛතික සීමාවක් පනවා නැතැයි කියමින් සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය ජනාධිපති ලේකම්වරයාට හා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇත.

සන්දීප් සම්පත් තරුණයා මුහුණ පෑ රිය අනතුර සම්බන්ධයෙන් මාධ්‍යයෙන් කරුණු වාර්තා කරද්දී ඔහු ධාවනය කළ යතුරුපැදිය ගැන සාවද්‍ය තොරතුරු වාර්තා වන්නේ යැයි ද මෝටර් වාහන පනත හා එහි නියෝග මගින් පනවා නැති නෛතික තත්ත්ව ඒවායෙන් වාර්තා වී ඇතැයි ද එම ලිපියේ සඳහන් කර ඇත.

සන්දීප් සම්පත් තරුණයා පදවා ඇත්තේ මාර්ගයේ ධාවනය සඳහා නිෂ්පාදනය කර ඇති KTM DUKE 990 වර්ගයේ ලොව ප්‍රචලිත යතුරුපැදියක් යැයි ද එහි සිලින්ඩර ධාරිතාව සී.සී. 999.8 ක් යැයි ද සමස්ත ලංකා යතුරුපැදි හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

2013 වසරේ අප්‍රේල් මස 11 වැනිදා නිකුත් වූ අංක 1805/34 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම යතුරුපැදිය ඇතුළු යතුරුපැදි රැසක් ලියාපදිංචි වී යැයි ද එහිදී එන්ජින් ධාරිතාව සී.සී. 450 ඉක්මවූ යතුරුපැදි ක්‍රීඩා කටයුතු සඳහා වූ යතුරුපැදි ලෙස හැඳින්වෙන ලෙස කටයුතු කරන්නේ ලියාපදිංචි කර හැකි සාමාන්‍ය යතුරුපැදි එන්ජින් ධාරිතා සීමාව සී.සී. 450 ලෙස පවත්වාගෙන යෑමට එවකට රජය එම අවස්ථාවේ දී තීරණය කර තිබුණු නිසා යැයි ද සිය ලිපිය මගින් එම සංගමය අවධාරණය කරයි.

ඒ හේතුවෙන් සී.සී. 450 ඉක්මවූ එම යතුරුපැදිවල ලියාපදිංචි සහතිකයේ කොන්දේසි පැනවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කළැයි ද එහි සඳහන් වේ.

ඒ සියලුම යතුරුපැදි මාර්ගයේ ධාවනය සුදුසු ද යන්න තහවුරු කිරීමෙන් පසු ඒවා ලියාපදිංචි සහතිකයේ සාමාන්‍ය ”MOTORCYCLE ” වර්ගය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සිදුවූ බැවින්, එම යතුරුපැදි මාර්ගයේ ධාවනය කිරීමට ලිඛිත අවසරයක් ලබා දීමට එකල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබුණේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

අගතියට පත් තරුණයා පැදවූ යතුරුපැදියක් මාතෘකා කරමින් ඊට අදාළ නීතිය පිළිබඳව අවබෝධයක් නොමැතිව රටේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ජනතාව නොමග යවමින් ඉදිරිපත් කරනා කරුණු සම්බන්ධයෙන් තම දැඩි කනස්සල්ල හා කණගාටුව පල කරන්නේ යැයි ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ලංකාදීප

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස