ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටු රැස්වීම්වල හූ කීම එජාප කොන්තරාත්තුවක්! චන්ද්‍රිකාගේ කල්ලියත් කුමන්ත්‍රණය පිටුපස!

October 15, 2019 at 11:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වී තිබෙන සමගිය කඩා දැමීමට එජාපය විසින් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ආධාරය ඇතිව නව මෙහෙයුමක් දියත් කොට ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මෙහෙයුම වී ඇත්තේ චන්ද්‍රිකා කල්ලිය සහ එජාපයට සහය දක්වන පිරිස් මත්පැන් පොවා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සංවිධානය කරන රැලිවලට සහභාගී කොට ශ්‍රීලනිපයේ සාමාජික මැති-ඇමතිවරුන්ට විරෝධය පළකොට හූ තැබීමය. කිහිප දෙනෙකු මෙම ක්‍රියාව ආරම්භ කළ පසු සෙසු අය ද ඊට නිරායාසයෙන් එකතු වෙයි.

මෙම කටයුත්තට පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලයෙන් ලබාදෙන අතර එමගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර බරපතල විරසකයක් මවා පෙන්වා ශ්‍රීලනිප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත දිනාගැනීම මෙහි අරමුණය.

මෙම මෙහෙයුමේ අවසන් ඉලක්කය වී ඇත්තේ ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දක්වන පාක්ෂිකයන් අතර ගැටුමක් ඇති කරවා ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක ලබාදී ඔවුන් අතර විරසකයක් නිර්මාණය කිරීමය.

මේ සම්බන්ධව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමටත් පක්ෂ දෙක අතර සමගි සම්පන්න බව වැඩිකිරීමටත් අදාළව කෙරෙන විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක නිල නිවාසයේ අද (15) පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස