ශ්‍රීලනිප පොහොට්ටු මිතුරුකම් තවත් තරවෙයි! සංවත්සරයටත් ඇරයුම් කරයි! එජාපයට ඇරයුම් නෑ!

August 29, 2019 at 8:35 am | by emanisa.lk

එළඹෙන සැප්තැම්බර් 03 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇරයුම් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

එම සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවලට ආරාධනා කළ ද එක්සත් ජාතික පක්ෂයට ඒ සඳහා ඇරයුම් නොකරන බව ඔහු පවසයි.

කිසිම පුද්ගලයකුට මෙහිදී ඇරයුම් නොකරන අතර පක්ෂයට ඇරයුම් කළ විට සිය නියෝජිතයකු මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී කරවිය හැකි බව මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස