ශ්‍රීපාදයේ ඝන්ඨාරය සොරාගැනීම පිළිබඳ චෝදනාවට ශ්‍රීපාදස්ථානාධිපති හිමි පිළිතුරු දෙයි! (VIDEO)

October 20, 2019 at 11:09 am | by emanisa.lk

ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරය ගෝඨාභය රාජපක්ෂ විසින් සොරාගෙන ගොස් ඇති බවට එල්ල වන චෝදනාව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ දැඩිව ප්‍රතික්ෂේප කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ මේ මොහොත වන විටද ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාර එහි තිබෙන බවය.

එවන් අසත්‍ය කතාවක් ප්‍රචාරය කළ සිරස රූපවාහිනී නාලිකාවටද නාහිමියෝ දැඩිව විවේචනය එල්ල කළහ.

මෙවන් ප්‍රකාශයන් සිදු කිරීම මගින් නායකයන්ගේ චරිත ඝාතනය කිරීම හා එය පළ කිරීම ඉතාමත් නීච ක්‍රියාවක් යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස