විපක්ෂයේ ආණ්ඩුව පරදන සැලසුම පරාදයි! ආණ්ඩුව අතුරු සම්මත ගිණුම නොගෙනෙයි!!

February 20, 2020 at 7:32 pm | by emanisa.lk

රජය විසින් තම ණය සීමාව ඉහළ දැමීම සඳහා අද (20) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්ව තිබූ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේදී අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

මෙම තීන්දුව ගෙන ඇතැයි වාර්තා වෙන්නේ විපක්ෂය විසින් එකී යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින්නේ යැයි ලද තොරතුරක් මතය.

මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය විපක්ෂය වන අතර ආණ්ඩු පක්ෂයේ සිටින්නේ සුළුතර මන්ත්‍රී පිරිසකි.

ආණ්ඩුව එම යෝජනාව ගෙන ඒමට සූදානම් වූයේ තම ණය සීමාව රු. බිලියන 721 සිට රු. බිලියන 1078 දක්වා ඉහළ නංවා ගැනීමටය.

පසුගිය ආණ්ඩුව සමයේ සංවර්ධන ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවීම, ඖෂධ සහ පොහොර ආනයනකරුවන්ට ණය ගෙවීම එහි අරමුණ වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස