වැඩි වැඩියෙන් කැසිනෝ නයිට් ක්ලබ්ස් දාන්න ඕන කියන කතෝලික ඇමති ගැන මට ලැජ්ජායි! – රදගුරුතුමා

June 25, 2019 at 9:26 am | by emanisa.lk

සංචාරක ප්‍රවර්ධනය සඳහා කැසිනෝ සහ රාත්‍රී සමාජශාලා විවෘත කළ යුතු බව කතෝලික ඇමතිවරයකු ප්‍රකාශ කිරීම පිළිබඳ තමන් කනගාටුවන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත අන්තෝනියෝ අබාතේ දේවස්ථානයේ පැවති සිංහල දේව මෙහෙයකදී කාදිනල්තුමා මේ බව ප්‍රකාශ කළේය.

“තරුණයන් නව දෙනෙක් එදා දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා මිනී මැරුවා. දෙවියන් වහන්සේ නරකාදියක් හදලා තියෙනවා නම් එතනටවත් ඔවුන් සුදුසු නෑ. ඔය වගේ ආගම් අදහලා වැඩක් තියෙනවාද? තවම ආගම ගැන පමණක් නොසිතන සෑම මිනිසෙකුම යහපත් මනුස්සයකුම කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව ආගමික නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා.”

“දියුණුව කියන්නේ තට්ටු 40-50 ගොඩනැඟිලි හැදීම නෙමෙයි. ගෝලීයකරණයත් නෙමෙයි දියුණුව කියන්නේ. සමහර බටහිර රටවල් එ්ක දියුණුව කියලා කියනවා.”

“කතෝලික ඇමතිවරයෙක් කියලා තියෙනවා නයිට් ක්ලබ්ස් දාන්න ඕන කියලා. කැසිනෝ දාලා සූදුව වැඩි කරන්න ඕන කියලා. මේ ඇමතිවරයා අපේ ආගමේ කෙනෙක් වීම ගැන මට ලැජ්ජයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස