වැඩි මිල එළවළු එපා කියන රැල්ලක් හදමු! එතකොට ක්ෂණිකව මිල අඩු වෙනවා! – වාසු

December 17, 2019 at 6:19 pm | by emanisa.lk

එළවළු මිල වැඩි නම් එම මිල වැඩි එළවළු ඉල්ලන්නේ නැතුව මිලෙන් අඩු එළවළු පමණක් ඉල්ලිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එසේ ඉල්ලුම අඩු වූ විට එම එළවළුවල මිල පහත වැටෙන බවත් මෙවැනි සාමුහික ක්‍රියාකාරීත්වයක් මගින් කෙටි කාලීනව එළවළු මිල පාලනය කරගත හැකි බවත් ඔහු පවසයි.

එසේම එළවළු මිල ඉහළ යාම වැළැක්වීම සඳහා වෙළෙඳපොළට සැපයෙන එළවළු ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බවත් එය දිගුකාලීන වැඩපිළිවෙළක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි

ඔහු පවසන්නේ එළවළු මිල අඩු කිරීමට මග දෙපස සිතුවම් අඳින ෆේස්බුක් අඩවියේ තරුණ තරුණියන්ද ඉදිරියට පැමිණිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස