රාජිතට මෙවර නම් ආණ්ඩුවේ බෝඩිමෙන් කෑම ෂූවර්! බාල වයස්කාරියක් පැහැර ගත්තා යැයි මාපියෝ පැමිණිලි කරති!

March 6, 2020 at 5:17 pm | by emanisa.lk

රාජිත සේනාරත්න ඇමතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් වූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ නඩුවේ තීන්දුවට දැඩි ලෙස දේශපාලන බලපෑමක් එල්ල වූ බව පැහැර ගැනීමට ලක්වූ දැරියගේ පියා පැමිණිලි කරනු ලැබ ඇත.

දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව හමුවේ ඔවුන් පැමිණිලි කරමින් කියා සිටියේ අදාල නඩුවේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේට ඔහු තැති ගන්වන ආකාරයෙන් දේශපාලන තර්ජන කර ඇති බවට පැමිණිලි කර ඇති බවය.

තිළිණ ගමගේ ඉදිරියේ විභාග වූ නඩුව පසුව ගිහාන් පිලපිටිය ඉදිරියේ විභාග කළ බවත් නඩුව ඉවත දමන තත්ත්වයට එහිදී පත් වූ බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස