බැඳුම්කරය අද රාජපක්ෂලාට පාරාවළල්ලක් වෙලා! – රාජිත

January 26, 2020 at 12:41 pm | by emanisa.lk

බැඳුම්කර වංචාව පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයට පහරදුන් රාජපක්ෂ පාලනයට අද එය පාරාවළල්ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

රාජිත සේනාරත්න මේ බව පැවසුවේ ඊයේ (25) කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“බැඳුම්කර ගැන ගැහුවට මේ ආණ්ඩුවට රාජපක්ෂ රජයට දැන් ඒක පාරාවළල්ලක් වෙලා තියෙනවා.

මේ වෝහාරික වාර්තාවේ දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මහ බැංකුව මේ වාර්තාව පාර්ලිමේන්තුවට එවලා තිබෙන්නෙ ඒකෙ ඇමුණුම් නැතුව වීම.

ඒකට සම්බන්ධ පුද්ගලයින්ගේ නම්ගම් ඔක්කොම තිබෙන්නෙ ඒ ඇමුණුම්වල. ඒ නිසා ගරු කථානායකතුමා දැන් කියලා තියෙනවා වහාම ඒ ඇමුණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා.

අන්න එතකොට අපේ බැඳුම්කරයෙත් එදා බැඳුම්කරයෙත් ඉන්න නියම චූදිත දූෂිතයින් කවුද කියලා හොයා ගත්ත හැකියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස