රතන හිමි උපවාස කළාම ජාතිවාදය ඇවිස්සෙනවා කියන අගමැති මේ රට සිංහල බෞද්ධ නොවේ කියන මංගලට අවවාද නොකරන්නේ ඇයි? – සෝභිත හිමි

June 9, 2019 at 8:36 am | by emanisa.lk

රතන හිමියන්ගේ උපවාසය නිසා ජාතිවාදය ඉස්මතු වන බව පවසන අගමැතිවරයා ඇමති මංගල සමරවීර මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි පවසන අවවාද නොකරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

ඕනෑම ආණ්ඩුවක් මෙහෙයවීමේ ශක්තියක් පාර්ලිමේන්තුව තුළ සිංහලයාට තිබිය යුතු බව ද එහිමියන් පැවසූහ. අප මේ අත් විඳින්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නකුට විසින් සුනඛයා මෙහෙයවීමේ ප්‍රතිපත්තිය කරගෙන ඒමේ භයානක ප්‍රතිඵලය බව ද සෝභිත හිමි පෙන්වා දුන්නේය.

මාතෘභූමිය ඉස්ලාම් අන්තවාදයේ ගොදුරක් වී පවතින අවස්ථාවක මහ සඟ රුවන ගත යුතු මග පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා කොළඹ පැවති ජාතික මඟ සමුළුවට එක්වෙමින් එහිමියන් මේ අදහස් දැක්වීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස