රතන හිමිගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙනු! ජනතා නොසන්සුන්තාවක් ඇති වුණොත් වගකීම රජය භාරගත යුතුයි! – අස්ගිරි මල්වතු නාහිමිවරු ජනපතිට සහ අගමැතිට ලියති….

June 3, 2019 at 1:01 pm | by admin

පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.

එසේම මේ පිළිබඳව කඩිනමින් කටයුතු නොකර මහ ජනතාව අතර යම්කිසි නොසන්සුන්තාවක් ඇති වුවහොත් එහි වගකීම රජය භාරගත යුතු බවත් එම ලිපියේ දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස